එළවළු මිල ගණන් වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙයි. මෙම තත්ත්වය තවත් මාස කිහිපයක් පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසයි.

මීට බලපෑ හේතුව කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මෙසේ කීය.

“සෑම වසරකම මැයි ජුනි ජූලි මාසවල සාමාන්‍ය මිල මට්ටම්වල ඉහළ යෑමක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මෙම වසරේ මෙම මාසවල සැලකියයුතු ලෙස මිල මට්ටම් පහළ යෑමක් දක්නට ලැබෙනවා. මේකට ප්‍
රධානතම හේතුව ලැබුනු වර්ෂාපතනය එළවලු වගාවට ඉතාමත් හොඳ පරිසරයක් ඇති කිරීම. මේ නිසා උඩරට සහ පහත රට කියන සියලුම එළවලු වර්ගවල මිල පහල මට්ටමක පවතිනවා. දැනට මේ පවතින තත්ත්වය ඉදිරි මාස දෙක තුනම පවතියි.” යනුවෙනි.

එළවළු මෙන්ම සහල් සහ පොල් මිලද පහළ ගොස් ඇත.

මෙම මාසයේ 20 වැනිදායින් පසු යල කන්නයේ අස්වැන්න ඉහළ මට්ටමින් වෙළඳපලට ලැබීම හේතුවෙන් මෙම මිල පහළ යාම තවදුරටත් අපේක්ෂා කරන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය විශ්වාසය පළ කළේය