රාජපක්ෂ පාලන සමයේදී  ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී හිටපු රිවිර කර්තෘ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට  පහර දීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත්
රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව විසින් 07 රාත්‍රියේදී හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලලිත් රාජපක්ෂ නම් බුද්ධ නිලධාරියා ඒ වනවිට ට්‍රිපෝලි කඳවුරට අනියුක්තව සේවය කර ඇති අතර උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

රාජපක්ෂ සමයේදීම ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයෙන් සොයාගත් ඇඟිලි සළකුණුවලට අදාළව යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 285 දෙනෙකුගෙන් ලබා ගත් ඇඟිලු සලකුණු වලින් මෙම ලලිත් රාජපක්ෂ නම් බුද්ධි අංශ නිලධාරියාගේ සහ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාගේ මෝටර් රථයෙන් හමු වූ ඇඟිලි සලකුණු සැසඳීම නිසා ඔුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මෙම සැකකරු 08 ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමටත් මහෙස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා නියෝග කර ඇත.