ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊළඟ ජනාධිපවරණයේ අපේක්ෂයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මහතා
ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ද විපක්ෂයේ සියලු දෙනාගේ සහය ඊට ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට මේ දක්වා අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකිවී තිබෙන බවද හෙතෙම කීය.
මීට දිනකට පෙර නෙළුම් මාවත කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද කියා තිබුනේ පොහොට්ටු ජනපති අපේක්සකයා නම් කරන්නේ වෙනත් කිසිවෙකු නොව තමා බවයි.