ඊයේ 10 වන දින දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය හා විශේෂ
කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදී
හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 85ක් සමඟ පකිස්ථානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු 07 වන ඉරු දින පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු දකුණු අප්‍රිකාව බලා පිටව යාමට සැලසුම් කර තිබී ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන අයකු බවට හඳුනාගෙන ඇත. අද 11 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය. පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.