මුලතිව් කේපාපිලව් රක්ෂිත ප්‍රදේශයක පසුගියදා (04දා) රාත්‍රියේ සිදුවූ පිපිරීම් කොටි සංවිධානය විසින් වළ
දමන ලද විශාල වර්ගයක
බෝම්බයක් බවට මුල්ලියාවලෙයි පොලිසිය හා යුද හමුදාව සැක පළ කරයි. අදාළ පිපිරීම් මුලතිව් නගරය, පුදුමාතලන්, මුල්ලියාවලෙයි, වට්ට්‍රාපලෙයි, නන්දිකඩාල් හා පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශ දෙදරුම් දෙමින් සාමාන්‍ය වැසියන්ද භීතියට පත්වන අයුරින් සිදුවූ බවට ප්‍රදේශවාසීහු පැවැසූහ.

බෝම්බය රක්‍ෂිත කැලෑවක පිපිරි යෑම නිසා කිසිවකුටත් හානියක් සිදුවී නොමැත. යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම කැලෑබද ප්‍රදේශයේ මෙම බෝම්බය වළ දමා ඉදිරි ආරක්‍ෂක අංශ වෙතට බෝම්බය පිපිරවීමට සැලසුම් කරන්නට ඇති බවටත් පුපුරා ගිය බෝම්බය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද මුල්ලියාවලෙයි පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

-මුලතිව් ශෂිකුමාර්-