මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදීන් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල්
ප්‍රදානයන් සිදු කිරීම

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේ දී සිදු විය.

ප්‍රංශයේ නීස් සම්මාන උලෙළ, ජපානයේ ඔසාකා ආසියානු සිනමා උලෙළ සහ මොස්කව් නුවර පැවති අන්තර් ජාතික සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළේ දී සම්මාන හිමිකරගත් ශ්‍රී ලාංකික සිනමා සහ රූපවාහිනි නිර්මාණවේදීන් මෙහි දී ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමාගේ ඇගැයීමට පාත්‍ර විය.