ලෝක කුසලානයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තබන බව
ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති
සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල්  අද (08) පෙරවරුවේ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී කීය. ලෝක කුසලානයට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිල දිවයිනට පැමිණීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුව මෙය විය.

මෙම මාධ්‍ය හමුවට  ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද එක්ව සිටියේය.
ශ‍්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානය අවසන් කළේ 06වන කණ්ඩායම ලෙසයි.