රත්මලාන වෙඩි කන්ද ප‍්‍රදේශයේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුමුදුනි සංඝදාසගේ නිවසට පැමිණි කාන්තාවක් මන්ත්‍රීවරියට තර්ජනය කර ඇත.
එසේ පැමිණි කාන්තාව පසුව මන්ත්‍රීනිය පහර දුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට  පැමිණිල්ලක් කර රෝහල් ගත වී ඇතැයි වාර්තා වේ.



මේ සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී කුමුදුනී සංඝදාසගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන ‘‘කුඩු කුමාරි’’ නමැති කාන්තාවක විසින් සිය නිවසට පැමිණි කාන්තාව මෙහෙයවා ඇති බවයි.

සිය නිවසට පැමිණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීද ගල්කිස්ස පොලීසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.