වහබ් අන්තවාදය පරාජය කිරිම සඳහා මහා සංඝරත්නය එක්ව කටයුතු කළ යුතු බව. බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා තිබේ.

ජාතික විද්වත් භික්ෂු සංසදය

ඊයේ(09) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

උන්වහන්සේ පැවසුවේ රටට ඇත්තේ එක් විකල්පයක් බවත් , ඒ එක් සිංහල නායකයෙක් රටට පත් විය යුතු බවත්ය.

එහිදි අදහස් දැක්වු පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පැවසුවේ රටේ නීතිය එක් එක් පුද්ගලයාගේ දෙශපාලන බලය අනුව වෙනස් වන බවයි.

එමෙන්ම පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ ඉස්ලාම් ත්‍රස්තවාදයට සහය ලබා දෙන පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නැතිම් කිසිදු පලක් නොවන බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ පසු ගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද රටේ සංවර්ධනය සඳහා කිසිදු සැලැස්මක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

එහිද අදහස් දැක්වු අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය ඉලක්ක කුමක්ද යන්න නිවැරදිව රට හමුවේ හෙළි කළ යුතු බවයි.