ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් වන්නේ නම්. ඉදිරි ජනාධිපතිවරණය නිසැකවම ජයගතහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ (12) පෙරවරුවේ කොළඹ

පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසීය.

“ලෙඩේ හැදුන තට්ටය තියෙන කෙනෙක් හිටියා. දැන් හම සුදුපාට ලෙඩෙක් ඉන්නවා. පොළොන්නරුවෙත් තවත් ලෙඩෙක් ඉන්නවා.

පාක්ෂිකයන් සිදු කරන ඉල්ලීමක් තියෙනවා. දෙපිරිස එකතුවිය යුතු බව. මෛත්‍රීපාල සහ මහින්ද එක් වෙලා
ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්නවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. තුන්වෙනි පාර්ශ්වයකින් ඇවිල්ලා ඡන්ද කඩන්නේ නැහැ. ඒක කොළයක ලියලා තියාගන්න. එ.ජා.ප.යෙන් ඉල්ලන කෙනා තවම දන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඉල්ලන්නේ. ගෝඨාභය, මෛත්‍රීපාල, දිනේෂ් ගුණවර්ධන,මහින්ද රාජපක්ෂ ද දන්නෙත් නෑ

ඉල්ලන්නේ එක්කෙනයි දෙන්නෙක් නොවෙයි. තනියෙන් දිනන්න බැහැ පොහොට්ටුව තමයි පොර. බත් පිඟාන කන්න එළවලු අවශ්‍යයි. තනිවම කාටවත් දිනන්න බෑ“