බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට බොරිස් ජොන්සන් අද තේරී පත් විය.

ඒ,  ප්‍රතිවාදී අපෙක්ෂක ජෙරමි හන්ට්ට එරෙහිව පැවති පක්ෂ නායකත්ව තරගයෙන් ජය ගැනීමෙන් අනතුරුවයි.

කොන්සර්වේටිව් පක්ෂ නව
නායකත්වයට පත් බොරිස් ජොන්සන් හෙට පස්වරුවේ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

ඒ මහා බ්‍රිතානයේ 55 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසිනි.

බ්‍රිතාන්‍යයේ මීළඟ නායකයා කවුරුන් දැයි තීරණය කරන කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව ඡන්ද විමසීම ඊයේ අවසන්වූ අතර එහි ප්‍රතිඵල නිකුත් වුණේ අද පස්වරුවේයි.

ඒ අනුව වැඩි ඡන්දයෙන් බොරිස් ජොන්සන් කොන්සවේටිව් පක්ෂ නායකත්වයට තේරී පත්විය.

ඉකුත් වසරේ බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බෝරිස් ජොන්සන්, කළක් ලන්ඩන් නගරාධිපති ධුරය ද හොඹවනු ලැබීය.

බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමට සිදුවූයේ, කොන්සර්වේටිව් පක්ෂ නායිකා අග්‍රාමාත්‍ය තෙරේසා මේ ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.