දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 අතරින් 79 දෙනෙක් වසය අවුරුදු 60 ඉක්මවූ අය බව හෙළිව තිබේ. Manthri.lk වෙබ් අඩවිය විසින් සිදු කළ සමීක්ෂණයකදී වයස් කාණ්ඩ 6ක් යටතේ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වර්ග කර ඇති අතර ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ වයස අවුරුදු 51-60 කාණ්ඩය බවත්
එම ප්‍රමාණය 74 දෙනෙක් බවත් හෙළිව තිබේ.

වයස අවුරුදු 80ට වැඩි මන්ත්‍රීවරු 4 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර වයස අවුරුදු 30ත් 40ත් අතර කාණ්ඩය නියෝජනය කරන්නේ 15 දෙනෙකු පමණි. ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයට  35කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වයසද ඉක්මවා සිටියි. මෙරට ජනගහනයෙන් සියයට 23ක් නියෝජනය කරන තරුණ ප්‍රජාව (වයස අවුරුදු 35ට අඩු) නියෝජනය කරමින් පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය සියයට 2.4ක් පමණක් වන බව එහි සදහන් වේ.

-උපුලි ජයරත්න-