බනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන ලබාදෙන ණය සීමාවේ රුපියල් කෝටි 3700ක් බව ද මේ වන විට හිඟ ණය මුදල් ගෙවීම පැහැර හැරිම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ණය සීමා ඉක්මවා  යාමට ආසන්න බව ද වාර්තා වෙයි.  ඒ අනුව හිඟ ණය මුදල් ලබන සැප්තැම්බර්  මස 6 වැනිදාට පෙර
නොගෙවන්නේ නම්,
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීම  නතර කිරීමට ඉකුත්දා රැස්වූ බනිජ තෙල්  සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මාස හයකට ඉන්ධන ලබාගන්නේ ඩොලර් මිලියන 15ක බවත්, එහෙත් ණයට ලබාගත් ඉන්දන වෙනුවෙන් සමාගම් සංස්ථාවට ගනු ලබන්නේ ඩොලර්  මිලියන 4ක් බවත් සඳහන් කරන ඛනිජ තෙල් සංස්ථාව, කාලයක සිට එසේ එකතු වූ හිඟ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 207ක ණය සීමාව ඉක්මවා යාමට ආසක්ත බව ද කියයි.

එම මුදල් ගෙවන ලෙසට අවස්ථා  ගණනාවකදිම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දැනුවත් කර ඇති බවත්, එහෙත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය.

ගුවන් සමාගමට දී ඇති ණය සීමා ඉක්මවා යාමට ආසන්න බැවින් ඉන්ධන සැපයීම අත්හිටුවීමට තීරණයක් ගත් බව ද සංස්ථාවේ උසස් නිලධාරීයෙක් පැවැසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ලබාදී තිබූ රුපියල් කෝටි 8000ක ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ඉකුත්දා විදුලිබල මන්ඩලයට ද ඉන්ධන සැපයීම නතර කෙරිණි.