මේ දිනවල වවුනියාව වෙළෙඳපොළේ දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1500ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෙළෙඳපොළේ සාමාන්‍ය
දෙහි ගෙඩියක් රුපියල් 20කටද තරමක් ලොකු දෙහි ගෙඩියක් රුපියල් 30කටද අලෙවි වෙයි. වවුනියාවේ වෙළෙන්දන් ගොවීන්ගෙන් දෙහි කිලෝවක් තොග වශයෙන් රුපියල් 800ක මිලකට ගන්නා අතර මේ දිනවල දෙහිවල විශාල හිඟයක් පවතින බවද වෙළෙන්දෝ කියති.

වවුනියාවේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා දෙහි ගස් මිය යෑමත් දැනට ඇති දෙහි ගස්වලට ජලය සපයා දීමට නොහැකි නිසා එම ගල දෙහි හට නොගැනීමත් මේ දෙහි හිඟයට හේතුව බවද ඔවුන්  සඳහන් කරයි.
-චතුරංගි ගමගේ-