සිය නිවස තුලදී බිරිදගේ පහර කෑමට ලක්ව සැමියා මියගිය සිද්ධියක් සම්බන්ධව පරික්ෂන ආරම්භ කල බව වටවල පොලිසිය පවසයී.

වටවල පොලිස් වසමට
අයත් අංක 256.හැටන් පාර.වටවල නිවසේ පදිංචිව සිටි ආරුමුගම් ජේරාමන් නැමති තිදරු පියෙක් මෙසේ ඝාතනයට ලක්ව තිබේ.

අද (09)දා අළුයම එකට පමණ නිවස තුලදී බිරිඳ හා සැමියා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම නිසා බිරිඳ විසින් යකඩ පොල්ලකින් කල පහර දීමක් නිසා හිස ප්‍රදේශය බරපතල තුවාල සිදුවී නිවස තුලම පැයතුනක පමණ කාලයක් රුධිරය වහනය වෙමින් තිබී මිය ගොස් ඇති බව පොලිසිය පවසයී.

හැටන් වටවල ප්‍රධාන මාර්ගයට යාබදව ආපනන ශාලාවක් පැවැත්වාගෙන යාම බිරිදගේ රැකියාව වන අතර මරණකරු කොළඹ ප්‍රදේශයේ කම්කරුවකු ලෙස සේවය කරන්නෙකි.ඔහු මාසයකට දෙතුන්වරක් නිවසට පැමිණිම පුරුද්දක් කරගෙන සිටි බවත් නිවසට පැමිණ සිටි අවස්ථාවේ මෙම සිදුවීම වී ඇති බව ඥාතින් පවසයි.