මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවේ උපවාසයක යෙදී සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන  හිමියගේ සුවදුක් විමසීමට ඊයේ (03) උදේ එහි පැමිණි විදේශ කටයුතු රාජ්‍ය  අමාත්‍ය
වසන්ත සේනානායක මහතාට
එම ස්ථානයේ රැඳී සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

දේශපාලනඥයන් මෙහි පැමිණියේ  දේශපාලන වාසි ගැනීමට බවත් අතුරලියේ  රතන හිමියන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීමට  ඔවුනට අවශ්‍යතාවක් නැති බවත් කී රැස්ව
සිටි පිරිස වසන්ත සේනානායකට  රතන හිමියන් උපවාසයේ යෙදී සිටින ස්ථානයෙන් වහා ඉවත්වන්නැයි කියමින් බලපෑම් කළහ.

කෙසේ වෙතත් අවසානයේ වසන්ත සේනානායක අමාත්‍යවරයා රතන හිමියන් වෙත ගොස් උන්වහන්සේ සමග කථාබහක යෙදුණු අතර එම අවස්ථාවේදී අවට සිටි මහා සංඝරත්නය පිරිත් දේශනා කළහ.

 එම අවස්ථාවේදී මාධ්‍යවේදීහු  දේශපාලනඥයන්ට දැඩි විරෝධයක් ජනතාව වෙතින් එල්ල වී තිබෙනවා
නේදැයි ඇමැතිවරයාගෙන් විමසා සිටියහ.

 එවිට ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සේනානායක මහතාට දේශපාලනඥයන් කරන කියන දේවල් නිසා ජනතාවට දේශපාලනඥයන් අප්‍රසන්න වී ඇති බව පැවැසීය.

(ජේ. ඒ. එල්. ජයසිංහ)