පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ කොළඹ ශැංග්‍රිලා හෝටලය අද (12දා) දින
සිට සිය ව්‍යාපාරික

කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 6.00 සිට තම ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරන බව එම හෝටලය සඳහන් ක අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් සති හයකට අධික කාලයකට පසුව මෙලෙස හෝටලය යළි විවෘත වෙයි.

කෙසේ වෙතත් හෝටලයේ කාමර පහසුකම් ලබාදීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව ශැංග්‍රිලා හෝටලය වැඩිදුරටත් නිවේදනය කරයි.