දෙවන වරටත් ඉන්දියාවේ අගමැති ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර හෝදි ලබන ඉරිදා (9) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙයි. 8 වනදා මාලදිවයිනේ ගත කර පසුදා 9 ලංකාවට පැමිණ පැය කිහිපයක් ගත කර නැවත 9 දා
සවසම ඉන්දියාවට යන බවත්
මෙරට ගතකරන කාලය තුළ ශ්‍රී ලංකා ජනපති හමුවී දිවා භෝජන සංග්‍රහයකට එක්වනු ඇති බවත් දන්වා තිබේ.
මින් ඉහත පළමුවර බලයට පත්වූ අවස්තාවේත් කලාපයේ රටවල් වලට සංචාරය කර සහයෝගී මිත්‍රත්වය වර්ධනය කරගන්නට මෝදි ක්‍රියා කර තිබූ අතර මෙවරත් ඔහු එම සිරිත ක්‍රියාවට නංවා තිබේ.