විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකගතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම යෝජනා
ඊයේ (04) පැවති කැබිනට්
රැස්වීමේදී ඉදිරිපත් නොවූ බව එම ආරංචි  මාර්ගලින් පැවසේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවිදින මෝටර් රථයක් ලබාදිමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරීපත් කර තිබිණි.

විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින මෝර් රථ තුනක් දැනටමත් දී තිබෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

 මේ අතර එම යෝජනා සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරීපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා  ද ප්‍රකාශ කර තිබිණි.

 ඒ අනුව කැබිනට් සංදේශය සාකච්ඡාවට් ගැනීම පසුවට  කල් තැබුණු නමුත් ඊයේ දිනයේ එය අමාත්‍ය මණ්ඩලය වෙත  ඉදිරිපත් නොවූ බව වාර්තා විය.

-අජන්ත කුමාර අගලකඩ-