කටුනායක ප්‍රදේශය හරහා ඊයේ (9) හමාගිය දැඩි සුළං තත්වය නිසා කටුනායක ගුවන් හමුදා කඳවුරේ පොල් ගසක් කඩා වැටී ගුවන් භටයෙකු මියයාමේ සිද්ධියක් වාර්තාවේ.
ඊයේ සවස 3.30 ට පමණ
මෙම සුළං තත්වය ඇතිව තිබෙන අතර පොල් ගස සුළඟට ඉදිරී විසිව ගිය බවත් රාජකාරිය සඳහා ෂූදානමින් ගමන් කරමින් සිටි පිරිසක් වෙතට ගස පතිත වූ බවත් පැවසේ. එම අවස්තාවේ මියගිය භටයා හා තවත් භටයෙකු පොල් ගසට යටවී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ යක්දෙස්සාව කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි සිදත් දර්ශන නමැති 35 හැවිරිදි අයෙකි.
30 හැවිරිදි අසංක නෙරංජන් නමැති අනෙක් භටයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.