https://www.gossiplankanews.com/2019/06/john-amaratunga-speaks.html#more
ශ්‍රී ලංකාවේ හෝටල තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ  යුතු බවත්, ඒ හරහා තරුණ සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කරගත හැකි බවත් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ,
කොළඹදී 13දා පැවැති සංචාරක මණ්ඩලයේ

උත්සවයකට එක්වෙමිනි.ෙ
එහිදී‍ෙඅදහස් දැක් වූ අමාත්‍යවරයා,

"ඉන්දියාව අපට වැදගත්. ඔවුන් ශ්‍රී ලංකාවට එනවා නම් අපට වෙනත් කෙනෙක් මත යැපෙන්න ඕන නෑ. ඔවුන් ආකර්ෂණය කර ගන්නේ කෙසේද කියා සිතා අපි වැඩ කළ යුතුයි.අපි චීනය හා වෙනත් රටවලටත් යනවා. සැකයක් නෑ, අපේ කැසිනෝ ආකර්ෂණීයයි. ඉන්දීය බලධාරීන්ගෙන් මට ලැබෙන පැමිණිල්ල තමයි කොළඹ හා පිටත  විනෝදාස්වාදය සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැති බව.
මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා. මෙය තරුණ  ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණීම ආකර්ෂණය කර ගැනීමට එක් අවස්ථාවක්” යැයි පවසා සිටියේය.