කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනාටත් නිලධාරින්ටන් රුපියල් ලක්ෂ 153ක් වටිනා අයිපෑඩ් 140ක් මිලදීගැනීමට එම නගර සභාව තීරණය කර ඇත. මුදල් කාරක සභාවේ හා මහා සභාවේ
අනුමැතිය යටතේ මිලදී

ගැනීමට යෝජිත මම අයිපෑඩ් එකක මිල රුපියල් ලක්ෂයකට අධික බවද පැවසේ.
මේ අතර නගර සභාවේ ආරක්ෂාව සඳහා සීසීටීවී කැමරා 80 කට ආසන්න සංඛ්‍යාවක් සවිකිරීමට දැනට කටයුතු
යොදා ඇති අතර ඒ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වැයවන බවට ගණන් බලා ඇත.නගර සභාව මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බවත් එහි බැංකු අයිරාව රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයක් බවත් ඉකුත් 30දා පැවති මාසික මහ සභා රැස්වීමේදි නාගරික මන්ත්‍රී රමීසි ටෝනි මහතා (එජනිස) අනාවරණයය කළේය.