2013 වර්ෂයේදී හමුදා මැදිහත්වීමකින් බලයෙන් පහකරනු ලැබූ ඊජීප්තු ජනාධිපති මොහොමඩ් මෝර්සි අධිකරණය තුලදී ඔහුට එරෙහි නඩුව විභාග වන අතර හදිසියේ ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඊයේ (17) පැවති නඩු විභාගයක් සඳහා ඔහු සහභාගිවී සිට ඇති අතර
එක්වර ඔහු ක්ලාන්තවී අධිකරණය තුලදී

ඇද වැටුණු බව ඊජීප්තු රජයේ රූපවාහිනී සේවය සඳහන් කර තිබේ.
සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීම, ඔත්තු බැලීම වැනි චෝදනා රාශියක් සම්බන්ධයෙන් මොහොමඩ් මුර්සි හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ලවී තිබුණා.

ඇමරිකාවේ නාසා ආයතනයේද සේවය කළ ඉංජිනේරු මහාචාර්යවරයෙකු වූ මොහොමඩ් මෝර්සි ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ආරම්භයේදී ඊජිප්තු  පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

 පසුව ඔහු පක්ෂයකට සම්බන්ධවී ඉතා කෙටි කලකින් ජනප්‍රියවී එරට ජනපති ධූරය දක්වා ගමන් කළේය.
කෙසේ වෙතත් ඔහු ජනපති තනතුරේ සිටියේ මාස 13 ක් පමණි. ඔහුගේ කාලයේ සිදුවූ අකටයුතුකම් නිසා ජනතාව වීදි බැස්ස අතර හමුදාව රට භාර ගත්තේය.
ඉන්පසු මෝර්සි නඩු වලට පැටලූණ අතර දිගු කලක් බන්ධනාගාරයේද සිටියේය. ඔහු ඊයේ මියගියේ එම නඩුවක් විභාග වන අතරේය.