යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පරිසර විෂයභාර ඇමැතිවරයා වශයෙන්,
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
වඩු මඩු සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව තිබුණ යාන්ත්‍රික කියත් ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් වනු ඇත.
ලංකාවේ ලීමඩු පවත්වා යන අයට වෙනත් රැකියා සොයාගන්නා ලෙස ජනාධිපතිවරයා ඉකුත්දා පැවති උත්සවයකදී ද ප්‍රකාශ කරනු ලැබුවේය.