පසුගිය දිනවල ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ
අත්අඩංගුවට පත්වීමෙන් පසු
අද දක්වා රිමාන්ඩ් භාරයේ පසුවූ අතර අද ඇප මත නිදහස ලැබීය.
ජනතාව අතර අසමගිය වර්ධනය වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බව පවසා අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරෙරා මහත්මිය අද(04) නියෝග කළාය.
මහජන කැළඹීම්  ඇතිවන ප්‍රකාශ කිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් ඔහුට ඇප කොන්දේසියක් ද නිකුත් කෙරිණි.