සමාජය බිය ගැන්වීමට හා ජාතීන් අතර ගැටලු ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ජාලා හරහා කටකතා සහ අසත්‍ය ප්‍රචාර පැතිර වීමේ සිදුවීම් 90ක් මේ වන විට පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇති බවත් එම සිදුවීම් හා
ඊට සම්බන්ධ පුද්ගලයන්
සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට බාරදීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කළ විමසුමකදී පැවසීය.

සමාජ ජාලාවල කටකතා සහ අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ නිරික්ෂණ ඒකකයක් ක්‍රියාත්මක වන අතර එම  ඒකකය ඔස්සේ ඉහත සිදුවීම් 90තහවුරු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සමාජය බිය ගැන්වීම හා ජාතීන් අතර ගැටලු ඇති කිරීම අරමුණු කරගෙන එවැනි දේ කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙන්ම හදිසි නීති රෙගුලාසි යටතේද වරදක් බවත් ඉහත සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් සහ ඒ සදහා අනුබල දුන් අය වෙනුවෙන් ගත යුතු  නීතිමය පියවර අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු විමර්ශනවලින් පසුව ක්‍රියාත්මක කරන බවත් පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

-නිර්මාණී බණ්ඩාරනායක-