වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්දය පාවිච්චි කිරිමේ හිමිකම ලබා දීම සඳහා '18 ප්ලස්' නමින් නව පනතක් හරහා කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
ඊයේ (9)  පැවසිය.

දැනට ද හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළ වසරකට එක් වරක් පමණක් ලියාපදිංචිය සිදු වේ.

ඡන්දය පවත්වන දිනය අනුව ඊට පෙර වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ක්‍රියා කිරීමට සිදුවන බැවින් ප්‍රථම වරට ඡන්ද හිමිකම ලැබෙන විට වයස අවුරුදු 19 ඉක්මවා සිටින බවත් මේ තත්වය වළක්වාගෙන වයස 18 සම්පුර්ණ කර ඉතා කෙටි කාලයක් ඇතුළත ඡන්ද හිමිකම ලබාදීම තමාගේ අභිප්‍රාය බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. ඒ අනුව ඡන්දය ප්‍රකාශයට පත් කරන දිනය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.