ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම යළිත් අවහිරකර තිබෙයි..
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව කියා සිටියේ කෙටි කාලයක් සඳහා මෙම අවහිරකිරීම
සිදුකර ඇති බවයි.
ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ රට තුළ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු සඳහන් කර ඇත.
පසුගියදා ඇතිවූ බෝම්බ පිපිරුමත් සමග සහ මීගමුවේ සිද්ධි වලින් පසු මීට පෙර මෙම අවහිරය ක්‍රියාත්මක වූ අතර ඊයේ හලාවත හා කුලියාපිටියේ සිද්ධි මෙවර අවහිරයට හේතුවී තිබේ.