ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ශාරියා විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍ය නොවන බවය.
විශ්වවිද්‍යාල පනතට අනුව සියලු උපාධි ප්‍රදානය කරන ආයතන සියලුම දෙනාට විවෘත විය යුතු බව කී ඔහු
මෙවැනි විශ්ව
විද්‍යාල එක් කොටසකට පමණක් සීමාවීම ලංකාවේ නීතියට අනුකූල නැති බව දන්වා සිටියේය.
මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඊට එකතුවිය යුතු සංශෝධන ද එක්කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.