ජාතිත තව්හිත් ජමාත් සංවිධානයේ නායක  මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ ඡායාරූප සිය ජංගෙම දුරකතනයේ තබාගෙන  සිටි බව කියන කොළඹ කොටුව දුම්රිය  ස්ථානයේ නිවේදිකාවක් කොටුව පොලිසිය විසින් ඊයේ (8) සවස අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම නිවේදිකාව
සම්බන්ධයෙන් ලැබුණු  තොරතුරක් මත දුම්රිය ස්ථානයට ගොස් ඇයගේ ජංගම දුරකතනය පරික්ෂා කර බැලු අවස්ථාවේ සහරාන්ගේ ඡායාරූප එහි තිබී  සොයා ගන්නා ලදැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පදිංචිව සිටින කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවෙස ද ඊයේ (8) සවස පූර්ණ සෝදිසියකට ලක් කළ බවත් සැකකටයුතු කිසිවක් එම නිවෙසින් යොයා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකාර කාන්තාව සහරාන්ගේ ඡායාරූප ඇගේ ජංගම දුරකතනයේ තබාගෙන සිටින බවත් කියමින් දුම්රිය මගියෙක් පැමිනිල්ලක් කර තිබුණි.