මාරවිල නගරයේදී අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලීසියෙන් මිදී පලායාමට
උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි හලාවත -
මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සමඟ පොරබදා ඇති අතර, එහිදී මෙම
පුද්ගලයා පොලිස් නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී තිබෙයි.

ඔහුත් සමඟ සිටි අනෙක් පොලිස් නිලධාරියා ගිනි අවියෙන් වෙඩි තබා ඇත්තේ මේ අවස්ථාවේදීය.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.