කොළඹ, මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසළ මුස්ලිම් දේවස්ථානයකට යාබද පාළු ළිඳක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ආයුධ රැසක් සොයා ගෙන තිබේ.



මරදාන පොලීසියට ලද තොරතුරක් මත අද පස්වරුවේ වරාය පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් පිරිසකගේ ද සහයෙන් ළිඳ සෝදිසි කළේ ය.

අඩි 30ක් පමණ ගැඹුරු මෙම ළිඳේ තිබී චීනයේ නිෂ්පාදිත අලුත්ම කඩු 46ක්, පැරණි කඩු 12ක්, පිහි 52ක්, විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 5ක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ළිඳ තුළ තිබී ජලය නොයන සේ අසුරා තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ සංයුක්ත තැටි 26ක් ද සොයා ගත් බව ය.

මෙලෙස හමු වූ කඩු පසුගියදා මුස්ලිම් දේවස්ථාන කිහිපයකින් සොයා ගත් කඩුවලට සමාන බව ද පොලීසිය සඳහන් කළේ ය.