චීනයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ ඇත.
ජනාධිපතිවරයා ඇතුළු 27 ක්වූ දූත
පිරිස අද (16) අළුයම දිවයිනට පැමිණි බව වාර්තාවේ.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරිමට හැකි ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.සාකච්ඡා කළ පරිදි ත්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාලය යොදාගැනීම පාලනය කිරිමට චීන ආධාර ලබාදීමට කටයුතු කරන බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.