>මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව එරට පොලිසිය වාර්තා කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්‍රස්තවාදීන් සිව් දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබූ බවට හෙළිවී ඇති බව එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර ඇත.

ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුළදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වාර්තා වේ. මෙම සැකකරුවන් සිව්දෙනා අතර රෝහින්ගියා ජාතිකයන් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කරගෙන ඇත.