ශ්‍රී  ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ පුහුණුව ලත් එහි සාමාජිකයන් වූ අයියා - මලෝ දෙදෙනෙක්
කටුනායක නායක පාරේදී සීදූව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සීදූව පොලිසියට ලැබුණු තොරතුරක් මත කටුනායක නායක පාරේ ස්ථාන සෝදිසියේදී මෙම සැකකරුවන්
දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා 23 - 24 වියේ පසුවන විවාහක වත්තල ප්‍රදේශයේ
ස්ථිර පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුන් සන්තකයේ
තිබුණු ලැප්ටොප් පරිගණක දෙකක්ද සොයාගෙන ඇති අතර එම පරිගණක තුළ හමුදා නිල ඇඳුමින් සැරසී ඔවුන් විසින් ලබාගත් ඡායාරූප දෙකක් රහසිගතව තැන්පත් කර තිබියදී හමුවී ඇත.

ඔවුන් දෙපළ තව්හිද් ජමාත් සංවිධානයේ පුහුණුව ලත් බවට ලබාගෙන ඇති සහතික දෙකක්ද, ඇපල් වර්ගයේ
දුරකථන දෙකක්ද, දේශන ඇතුළත් සීඩී තැටි කීපයක්ද සොයාගෙන ඇත.

මොවුන් දෙදෙනා කටුනායක, නායක පාරේ පිහිටි සරුංගල් නිෂ්පාදන ආයතනයක කොම්පියුටර් ග්‍රැෆික්
ඩිසයින්කරුවන් ලෙස රුපියල් අසූදාහක වැටුපක් මත සේවය කරමින් සිට ඇති අතර කිසිවකුටවත් සැක නොසිතෙන අන්දමට ඉතා සුහදශීලීව කටයුතු කර ඇත. සීදූව පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් වැඩිදුර පරීක්ෂණ
පවත්වයි.

මීට සමගාමීව සීදූව පොලිස් බලප්‍රදේශයේ ස්ථාන කීපයක්ම සීදූව පොලිසිය සහ ගුවන් හමුදාව, කටුනායක
කඳවුරේ සොල්දාදුවන් පිරිසක් සමඟ එක්ව සිදුකළ සෝදිසියකදී ලියනගේමුල්ල රාත්‍රි සමාජ ශාලාවක තිබූ
කඩු දෙකක්ද, මන්නා පිහියක්ද, අමන්‍ෙදාළුව දික්වෙල මාර්ගයේ බෝක්කුවක් අසල දමාගොස් තිබූ ගුවන්
යානා නාශක අවිවලට භාවිත කරන ජීව උණ්ඩ පහක්ද, තවත් නිවෙසක තිබූ ඩේ‍රා්න කැමරා දෙකක්ද
අත්අඩංගුවට ගෙන ඇත.

සීදූව - නිශ්ශංක