ලංකා අයි. ඕ. සී සමාගම අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඔටෝ ඩීසල් මිල ලීටරයක් රුපියල් 9 කින් අඩුකර
තිබෙයි.
හෙට සිට ලංකා අයි. ඕ. සී ඩීසල් මිල ලීටරයක් රුපියල් 104 කි. (සිපෙට්කෝ ඔටෝ ඩීසල් ලීටරයක මිල ද 104 කි) නමුත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට ලංකා අයි. ඕ. සී සමාගම තීරණය කර තිබෙන අතරඒ අනුව ලංකා අයි. ඕ. සී සමාගම හෙට සිට ඔක්ටේන් 92 රුපියල් 140 කි. (සිපෙට්කෝ මිල රුපියල් 135 කි.)