පසුගිය දිනවල ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ Huawei සමාගම දැඩි ලෙස විවේචනය කළේ එම සමාගම ඇමරිකානු තොරතුරු සොරාගැනීමට සිය නිෂ්පාදන මෙවලම් භාවිත කර ඇති බව පවසමිනි.
මෙම තත්වය මත විවිධ වාරණ නියෝග පැනවුණ අතරවාරයේ  ඇමරිකානු රාජ්‍ය වාණිජ

දෙපාර්තමේන්තුවේ තීරණයට එකඟවෙමින් Google සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Huawei සමාගම සමඟ සියළු ව්‍යාපාර කටයුතු නවතා ඇත.
ඒ අනුව දැනටමත්  Huawei තුළින් ගූගල් ප්ලේ ස්ටෝර් ජීමේල් යූටියුබ් ඇතුලු ගූගල් යෙදවුම් වලට ඇතුළුවීමට නොහැකි වන අතර ජංගම දුරකථනයේ ජනප්‍රිය සේවා සියල්ලම පාහේ අඩපණවනු ඇත.

රොයිටර් පුවත් වාර්තා කරන ආකාරයට  සෙකියුරිටි අප්ඩේට්ස් ඇතුළු කිසිම Google සේවාවක් නොලැබේ.
කෙසේ වෙතත් ඇන්ඩ්‍රොයිඩ් යනු විවෘත කේත ක්‍රමය සහිත නොමිල මෘදුකාංගයක් නිසා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතයට තහනමක් මෙහිදී පැනවී නැත.

Huawei මීට පිලිතුරු ලෙස දක්වා ඇත්තේ තම සමාගමට ගූගල් සේවා වෙනුවට වෙනත් ආදේශක ඇති නිසා ගනුදෙනුකරුවන් කලබල වියයුතු නැති බවකි.