මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු
ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසකට අද හැකියාව ලැබුණා.

මෙසේ සොයා ගත් ආයුධ අතර බෝර 12 ජීව උණ්ඩ 24 ක්, බෝර 12 ගිනි අවියක යාන්ත්‍රික කොටසක් , විදේශ රටකින් ගෙන්වු විශේෂීත කඩුවක් සමඟ මෙරටදි සාදන ලද කඩු දෙකක්, පිහි 24 ක් , දුරදක්නයක් , දුරකථන හාඩ් කිපයක් , තඹ කම්බි රෝලක් , නැගෙන හිර පළාත හා බස්නාහිර පළාත තුළ භාවිතා කළ වාහන අංක තහඩු කිපයක් , අන්තර් ජාලය ගමන් කල හැකික් රවුටර් කිහිපයක් , වාහන ඉන්ජේක්ටර් පොම්ප සදහා යෙදා ගන්නා නොසල් කිපයක්, ට්‍රාන්ස්පෝමර් වල පරිපථ ඇතුළු දෑ වනවා.

මුන්දලම පොලිස්ථානාධිපති සමන් එකකනායක මහතාට ලැබුණ තොරතුරක් මෙම පාලමේ ජලයට දමා සගවා තිබු අදාළ ආයුධ හා උපකරණ සොයාගැනීමට හැකි වුණා.