ලෝකයේ බහුලවම භාවිතවන සමාජ ජාල යෙදවුම් දෙකක් වන දැනට ශ්‍රී ලංකාවේ
භාවිතය අවහිර වී තිබෙන වට්ස් ඇප් හා
ෆේස් බුක් යෙදවුම් දිවිත්වයම ඉලක්ක කර ස්පයිවෙයාර් වැඩසටහනක් ආසාදනය වි ඇති බව අද එම දෙකේම හිමිකාරත්වය දරන ෆේස්බුක් සමාගම පිලිගෙන තිබේ.
මේ නිසා මිලියන ගනනාවක්වූ ඒවායේ සාමාජිකයින්ගේ පුද්ගලික තොරතුරු අස්තානගතවීම ගැන එම සාමාජිකයින්ට බියක් පහළවී ඇත.
ඊශ්‍රායලයේ ක්‍රියාත්මක කන්ඩායමක් මෙම ස්පයිවෙයාර් වැඩසටහන සකසා ඇති බවත් වාර්තාවේ.
මෙම තර්ජනයෙන් මිදීමට වට්ස් ඇප් යාවත්කාල කරගන්නා ලෙස එම පරිශීලකයින්ගෙන් සමාගම ඉල්ලා තිබේ.