පාසල්වලට ඇතුළුවීමේදී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැලඳීම සම්බන්ධයෙන් නියෝග ඇතුළත් විශේෂ ලියුමක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ. පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ
නිකුත් කර ඇති රජයේ අති
විශේෂ ගැසට් නිවේදනයක් එහි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර ඇති චිත්‍රනයක්ද සහිතව එම විශේෂ ලියුම අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමුකර තිබේ.
මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කරගෙන ඇතැම් පුද්ගලයන් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන්ට මුහුණ ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීමද හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ඇති වූ ගැටලුසහගත තත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් එවැනි සිදුවීමකදී පාසල්  ප්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව මෙයින් උපදෙස් දී ඇත.

-උදයන්ති මුණසිංහ-