කුලියාපිටිය ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්
පාර්ලිමේන්තු

මන්ත්‍රී දයාසිරි ජයසේකරකොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද උදැසන  ප‍්‍රකාශයක් ලබාදුන් අතර පැය තුනහමාරක පමණ දීර්ඝ ප්‍රකාශයකින් අනතුරුව ඔහු පිටව ගියේය.
පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ආරවුල් තත්වයන් ඇතිවූ බවට හා පල්ලි කඩසාප්පු ආදියට හානිවූ බවට වාර්තා පැවති අතර ඒවා මෙහෙයවූ අය පසුපස දේශපාලන බළල් අත් තිබූ බවටද වාර්තා පළව තිබුණි.