ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙබ් අඩවි කිහිපයකට  සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තාවේ.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන්
කළේ ඩොට් එල්.කේ සහ ඩොට් කොම් වෙබ් අඩවි 10කට පමණ
මෙම සයිබර් ප්‍රහාරය එල්ල වි ඇති බවයි.
මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවිය සහ තවත් අප්‍රකට වෙබ් අඩවි කිහිපයක් මෙම ප්‍රහාරයට ඉලක්කවී ඇත.
අදාළ වෙබ් අඩවිවල දත්ත වෙනස් කිරීම සිදුව ඇති බව රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.
මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ  Tamil Eelam Cyber Force යන කන්ඩායමක් විසින් බව හඳුනාගෙන ඇත.
SLCERT, TechCERT සහ ගුවන් හමුදා සයිබර් මෙහෙයුම් අංශය මෙම හැකර්වරුන් හඳුනාගෙන ඇති අතර වෙබ් අඩවි යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී.
පහත පළවන්නේ ගැටලු තත්වයට පත්වූ වෙබ් අඩවි වලින් කිහිපයකි.