විදේශිය කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් තමාට අසත්‍ය චෝදනාවක් ගොනු කොට ඇති බව දකුණු පළාත් සභාවේ එජනිස හිටපු මන්ත්‍රී  ක්‍රිශාන්ත පුෂ්ප කුමාර පවසයි. ඊයේ (13දා) මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේද පැවැසීය. ඔය කියන කාන්තාව අපිත් එක්ක පසුගිය කාලය තුළම
හොඳින් සම්බන්ධතා පැවැත්වූවා.
ඇය ලංකාවේ ව්‍යාපාර කටයුතු කිහිපයක් කරනවා. මම මන්ත්‍රිවරයෙක්ව සිටි සමයේ ඇය ඒ ව්‍යාපාර සඳහා මගෙන් උදවු ඉල්ලුවා. නමුත් ඇය ඉල්ලන උදව් කරන්න පුළුවන් ඒවා නෙවෙයි.

ඇය ලංකාවේ ඉන්නේ විසා නැතිව. සමහර කාලවලට සංචාර විසාවලට ඉන්නවා. ඇය මෙහේ ඉන්න ලස්සන වැඩක් කරනවා. ඒක තමයි කීප දෙනකු සමඟ ප්‍රශ්න දාගෙන ඒවා උසාවිය දක්වා ගෙන යනවා. ඊට පසුව කෝට් විසාවලින් ලංකාවට එනවා. ඇවිත් මෙයා ලොකු ජාවාරමක් කරනවා කියලා මට සැකයක් තියෙනවා. ඇය පසුගිය කාලයේ ලංකාවට එන්න හදන අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් ඇය නැවත හරවා යැව්වා. නමුත් ඇයට මෙහේ නඩු තියෙන නිසා ආයිත් ඊට ටික දවසකට පසුව ඇය ලංකාවට එනවා. මම දන්නා තරමට ඇයට ගාල්ලේ උසාවියේ නඩු 04ක් තියෙනවා.

ගාල්ලේ පොලිසියේ මෙවැනි පැමිණිලි 8ක් හෝ 9ක් තියෙනවා. අක්මීමනත් මෙවැනි පැමිණිලි තියෙනවා. ඉතින් මේ කාන්තාව උත්සාහ කරනවා ලංකාවේ නඩු කීපයක් දාගෙන එයින් විසා දාගෙන ලංකාවට එන්න. මට පසුගිය දිනක මෙවැනි බොරු චෝදනාවක් එල්ල වූ නිසා ඇය මට මේ ආකාරයේ තවත් අසත්‍ය චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඇයට එහෙම එන්න හේතුවක් තියෙනවා. ඇය මෙහේ ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරය අතරේ තව ජාවාරම් කරනවා කියන සැකයක් මට තියෙනවා. ඒ නිසා මම ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා ඇය කරන ව්‍යාපාර ගැන පරීක්ෂණ පවත්වන්න කියලා.

-ටී.විතානවසම්-