අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට
නීතිඥවරියක් බාධා කිරීම
සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබෙයි. අධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කිරීමේ දී නීතීඥවරිය විසින් පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල සිදු කර ඇති බවට වාර්තාවේි.

මෙම නීතිඥවරියට මීට පෙර ද පොලිසියේ රාජකාරීවලට බාධා එල්ල වන අයුරින් කටයුතු කර ඇති බවත් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය අද අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා ඇත.