21 වනදා මරාගෙන මැරෙන ප්‍රහාරවලදී මෙම පිපුරුම් වල මහමොළකරු බව කියන ෂැංග්‍රිලා අවන්හලේ පිපුරුම සිදු කළ සහරාන් හෂීම් නැමැත්තා මේ වන විට නියත වශයෙන්ම මිය ගොස් ඇතැයි සියයට 99ක විශ්වාසයක් සහිතව ප්‍රකාශ කරන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
එසේම තවත් නොබෝ දිනකින් සියයට සියයකින්ම ඒ බව තහවුරු කිරීමේ හැකියාව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

සහරාන් හෂීම් සහ ඔහුගේ දරුවා සම්බන්ධයෙන් සිදු කරනු ලබන DNA පරීක්‍ෂණවල වාර්තා මේවන විට බලාපොරොත්තුවෙන්
සිටින බවත් එම දත්ත නුදුරේ දීම ලැබීමෙන් පසු සියයට සියයකින්ම මෙම ත්‍රස්තවාදියා මිය ගිය බව තහවුරු කළ හැකි බව සේනානායක මහතා පැවසීය.

කෙසේ නමුත් දැනට සිදු කර ඇති ආරක්‍ෂන අංශ පරික්‍සාවටන්ට අනුව සහරාන් හෂීම් මිය ගොස් ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමාඩ් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් එම මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගියේ ද යන්න ජනතාව අතර තවමත් ප්‍රශ්නාර්ථයක්ව පවති. ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැහැදිලි කළේය.