ශ්‍රි ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සී.ඩී පට 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කණිෂ්ඨ සේවකයකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව මාතලේ රෝහල් පොලිසිය කියයි.


සැකකරු
මාතලේ උකුවෙල වරකාමුල ප්‍රදේශයේ පදිංචි බවත් මාතලේ දිසා රෝහලේ සේවයෙහි නියුතු පුද්ගලයකු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සී.ඩී පට සමඟ මහම්මත්තුමාගේ සහ යේසුස්වහන්සෙගේ රුව ඇතුළත් පොත් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මාතලේ රෝහල් පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු රැඳී සිටි රෝහල් කාමරයක තිබි මෙම සී.ඩීපට සහ පොත් සොයා ගත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ මුලස්ථාන පොලිසිය සිදු කරයි.