අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මව්පියන් හෝ භාරකරුවන් මියයෑම නිසා අවතැන් වූ දරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ,
ඒ සඳහා දුරකතන අංක තුනක් ද හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව 011 2 444 447, 011 2 337 039, 011 2 337 041 වේ.

මේ අතර අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරවලින් විපතට පත් ළමයින් සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති එච්. එම්. අබේරත්න මහතා සඳහන් කළේ, මීට සමගාමීව ඔවුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවය.

සෞඛ්‍ය අමාත්‍යංශය, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.