අද (15) දහවල් 1.20 ට පමණ කැකිරාව පොලිස් වසමේ මඩාටුගම ප්‍රදේශයේදී දඹුල්ල දෙසට ධාවනය වූ වෑන්
රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන්
පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ.
අනතුරින් 9 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී වෑන් රථයේ රියදුරු, ඔහුගේ දියණිය සහ ඔහුගේ බිරිඳගේ මව මියගොස් ඇත.
බරපතල තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කල පුද්ගලයින් 05 දෙනෙක් හා ලොරි රථයේ රියදුරු ප්‍රතිකාර ලබමින් සිටී.
මෘත ශරීර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.