බදුරලිය, පාලින්දනුවර ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබූ
පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී  මෙය හමු වී ඇත.
මුරකරු  ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත.එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී  සිට ඇත.
මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.