වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික
පිරිසක් පැමිණ
ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.
මැයි 18 සිට 20 දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමඟ මේ හා විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බව ඔහු කීය.